සමාජ ශාලාවක වෙඩි තැබීමක් - 08ක් ජිවිතක්ෂයට..

Crime
By krishani Jan 30, 2023 04:11 AM GMT
Report

උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති අතර මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ.

වෙඩිතැබීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join