වෙළෙඳසැලකට තියුණු ආයුධ ගත් පිරිසක් කඩා වදී - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Aug 24, 2022 04:44 AM GMT
krishani

krishani

in අපරාධ
Report

මතුගම - බෝපිටිය හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරුට හා තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇත.

එම පහරදීමෙන් වෙළෙඳසැල තුළ සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

සිද්ධියෙන් තුවාල ලැබු වෙළෙඳසැල් හිමිකරු හා අනෙක් පුද්ගලයා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෙළෙඳසැල තුළ රැඳී සිටි පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙළෙඳසැල් හිමිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරුකර යවා ඇති අතර එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join