මාමා - බෑණා බහින්බස්වීමක් දුරදිග යයි - මාමණ්ඩිය ජිවිතක්ෂයට.

Sri Lanka Police Crime
By krishani Feb 10, 2023 05:11 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (09) හැටන් ප්‍රදේශයේ, නෑදෑකමට මාමා සහ බෑණා වන පුද්ගලයන් දෙදෙනෙකු අතර වූ ගැටුමකින් මාමා ජිවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වේ.

හැටන් දික්ඔය ඔටරි වතුයායේ පදිංචි කරුපන් කාමරාජන් (62) නැමති තිදරු පියෙක් අදාල ගැටුමෙන් මිය ගොස් ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඇත.

එහිදී බෑණා විසින් මාමාව තල්ලු කළ අවස්තාවක දී මාමා වැටී හිසට ඇති වූ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇත්තේ.

සැකකාර බෑණා හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් විසින් ඊයේ (09) ස්ථාන පරික්ෂාව සිදු කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join