කාන්තාවක් විසින් පුද්ගලයෙකු මන්නා පිහියකින් කොටා ගිනි තබා ඝාතනය කරයි..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Aug 26, 2022 03:10 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පුද්ගලයෙකුට මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බිබිල - නාගල ප්‍රදේශයේ අදාළ එම කාන්තාව විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල වෙත පැමිණි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් ය.

සැකකාර කාන්තාවගේ නාගල ප්‍රදේශයේ වෙළෙඳසැල වෙත ඊයේ (25) පස්වරුවේ අදාළ පුද්ගලයා පැමිණි අවස්ථාවේ ආරවුලක් ඇති වී ඇති අතර එම කාන්තාව සහ මියගොස් ඇති පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පසුව සැකකාර කාන්තාව විසින් මියගොස් ඇති පුද්ගලයාට මන්නා පිහියකින් කොටා ඇති අතර අනතුරුව වෙළෙඳසැලේ තිබූ පෙට්‍රල් බෝතලයක් ගෙන මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරට දමා ගිනි තබා ඇත.

මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.ඝාතනය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join