ළමුන් ඇතුළු 6 දෙනෙකු කුරිරු ලෙස මරා දැමු ඝාතකයෙකු සතුව තුවක්කු 7ක් තිබිලා.

Crime
By krishani Mar 29, 2023 06:32 AM GMT
krishani

krishani

in ලෝකය
Report

අමෙරිකාවේ - නැෂ්විල් හි පාසලක පුද්ගලයින් හය දෙනෙකු ඝාතනය කළ පුද්ගලයා සතුව තුවක්කු හතක් නීත්‍යානුකූලව මිල දී ගෙන නිවසේ සඟවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

28 හැවිරිදි සැකකරු සතුව ආයුධ නොතිබුණු බව සැකකරුගේ දෙමාපියන් මීට පෙර පැවැසුව ද තුවක්කු ඔවුන්ගේ නිවසේ සඟවා තිබී ඇත.

මෙම වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු නවයේ ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙක් මිය ගිය අතර සැකකරු මානසික ආබාධයක් සඳහා වෛද්‍යවරයාගේ රැකවරණය යටතේ සිටි අයෙක් බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join