බෙහෙත් බොන්න බල කළැයි කෝපගත් පුතු කළ සාහසික අපරාදය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Feb 26, 2024 04:43 AM GMT
krishani

krishani

in අපරාධ
Report

මානසික රෝගයකින් පෙලෙන තම පුතාට බෙහෙත් බීමට බලකළ පියෙකුව රෝගී දරුවා විසින්ම ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු පිටිගල ප්‍රදේශයෙන් වාර්තා වේ 

බෙහෙත් බොන්න බල කළැයි කෝපගත් පුතු කළ සාහසික අපරාදය.. | Crime At Pitigala

මෙලෙස ඝාතනය කර ඇත්තේ පොරොවකින් කොටා ය.

ඝාතනයට ලක්ව මියගොස් ඇත්තේ පියදාස ජයසිංහ නමැති පිටිගල, කලුආරච්චිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.

මෙම ඝාතනයට අදාළව මරණකරුගේ 47 හැවිරිදි පුතු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මරණකරුගේ පුතු අංගොඩ මානසික රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා මානසික රෝගයෙන් සුවපත් වූ බවට වෛද්‍යවරුන් තීරණය කර ඇත. 

ඒ අනුව මීට මාස එකහමාරකට පෙර එම පුද්ගලයාව අධිකරණ අවසරය මත මාපියන්ට බාර දී තිබෙනවා.

එමෙන්ම දෛනිකව ඖෂධ වට්ටෝරු ද ලබාදෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

(24 වැනිදා) රාත්‍රියේ පියා විසින් මෙලෙස  පුතුට අවශ්‍ය ඖෂධ ලබාදීමට උත්සහා දරා තිබෙනවා.

එය ලබා ගැනීම පුතු විසින් ප්‍රතික්ෂේප කරමින් නිවසේ සැඟවී සිට ඇති අතර ඒ අනුව පියා ආලින්දයේ පුටුවක වාඩි වී සිටිය දී පුතු විසින් පොරොවකින් හිසට පහර දී ඝාතනය කර ඇත.

කෙසේ වෙතත්, සැකකරුව පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.