වසර 03ක ප්‍රේමය - කෝප ගත් පෙම්වතා පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාදය කවුරුවත් හිතන්නවත් නැතුව ඇති... (VIDEO UPDATE)

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By krishani Jan 07, 2024 05:34 PM GMT
krishani

krishani

in අපරාධ
Report

තරුණියක් රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ.

වසර 03ක ප්‍රේමය - කෝප ගත් පෙම්වතා පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාදය කවුරුවත් හිතන්නවත් නැතුව ඇති... (VIDEO UPDATE) | Crime At Piliyandala

ඒ පිහි ප්‍රහාරයකට ලක් වීමෙන් ය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක් ය.

ඇයට මෙලෙස, පිහි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඇයගේ 24 හැවිරිදි පෙම්වතා ය.

ඒ බව පොලිසිය සඳහන් කළේ ය.

වසර තුනක පමණ සිට මොවුන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

දින කිහිපයක සිට තරුණිය පෙම්වතාව මඟහැරීමට පටන්ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු ඊයේ (07) පෙරවරුවේ ඇයගේ නිවසට පැමිණ ඇත.

ඒ වෙළඳසැලකින් පිහියක් ද මිලට ගෙනයි.

එහිදී නිවසට පැමිණි පෙම්වතා සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුව ඇති බව අණාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා විසින් පෙම්වතියට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත

පිහි ප්‍රහාරයට ලක් වූ තරුණිය එම අවස්ථාවේදීම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

එලෙස කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

වසර 03ක ප්‍රේමය - කෝප ගත් පෙම්වතා පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාදය කවුරුවත් හිතන්නවත් නැතුව ඇති... (VIDEO UPDATE) | Crime At Piliyandala

එලෙස අපරාධය සිදුකළ පෙම්වතා යතුරුපැදියකින් පළායාමට උත්සාහ කිරිමේ දී ඒ අසල සිටි පිරිසක් ඔහුව අල්ලාගෙන පිළියන්දල පොලිසිය වෙත භාර දී ඇත.

පසුව සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

වීඩියෝ දර්ශන පහතින්,


Sponsored By Sarrita Jewellery

වසර 03ක ප්‍රේමය - කෝප ගත් පෙම්වතා පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාදය කවුරුවත් හිතන්නවත් නැතුව ඇති... (VIDEO UPDATE) | Crime At Piliyandala