16 හැවිරිදි බාල වයස්කාර දැරියක් මහ මග අමානුෂික ලෙස ඝාතනය කරයි - ඉන්දියාවම කැලඹෙයි..
ඉන්දියාවේ අගනුවර පොදු මංතීරුවක දී 16 හැවිරිදි දැරියක් අමානුෂික ලෙස පිහියෙන් ඇන මරා දැමීමේ පුවතක් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එය රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ පිරිමින් විසින් සිදු කරන ප්රචණ්ඩත්වය පිළිබඳව යළිත් රට තුළ කෝපයක් ඇති කළ බවයි.
මෙම ඝාතනයේ මිනිත්තුවකට වඩා වැඩි කාලයක් පැවති දර්ශන ආරක්ෂක කැමරාවේ සටහන් වී තිබෙනවා.
ප්‍රහාරකයා දැරියට නැවත නැවතත් පහර දෙන විට කිහිප දෙනෙක් ඒ අසලින් ගමන් කරන අයුරු ද සටහන් වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් සහිල් නමැති පිරිමි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය සඳහන් කළේ ය.
දිල්ලියේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් රවි කුමාර් සිං සඳහන් කළේ කාර්මිකයෙකු වන සාහිල් නමැති ඔහු අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ඩ්ෂාර් හි රඳවාගෙන සිටින බවයි.
කෙසේවෙතත්, දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, “දිල්ලියේ බාලවයස්කාර දැරියක් එළිපිටම අමානුෂික ලෙස ඝාතනය ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |