ක්‍රෙඩිට් කාඩ් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්..

The Bank of Ceylon Sri Lanka
By Aruna May 20, 2022 03:16 AM GMT
Report

දිනෙන් දින ඉහළ යන උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ක්‍රෙඩිට් කාඩ්පත් (ණයවර පත් ) මගින් මෙම වසරේ පළමු මාස තුනේ දී පමණක් රුපියල් බිලියන 5.5ක ගනුදෙනු සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනාවරණය කරනවා.

එම මාස තුනේ දී පමණක් සමස්ත ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා නොගෙවූ ශේෂය රුපියල් බිලියන 3.9ක් වන අතර ඒ අනුව මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගේ සමස්ත ගෙවිය යුතු ශේෂය 2022 මාර්තු අවසන් වන විට රුපියල් බිලියන 138.8 දක්වා වැඩි වී ඇත.

ආර්ථික අර්බුදය සමනය කිරීමේ එක පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට සිය පොලී අනුපාත ඉහළ දමා ඇති අතර ඊට සමගාමීව අප්‍රේල් තුන්වැනි සතියේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වූ උපරිම පොලී අනුපාත සීමාවන් ඉවත් කිරීමෙන් පසුව සියලුම වාණිජ බැංකු කඩිනමින් සිය කාඩ්පත්වල හිඟ ශේෂයේ පොලී අනුපාත සියයට 30 දක්වා ඉහළ නැංවීය.

එලෙස ඉහළ නැංවූ පොලී අනුපාත මීළඟ මාසයේ බිල්පතේ සිට ක්‍රියාත්මක වේ.

මේ අතර ඇතැම් බැංකු නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට හේතු පවා නොදක්වන බවත් අනාවරණය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now