සුදු වෙන්න, ලස්සන වෙන්න ඔයත් ක්‍රීම් ගානව ද?.. හම සුදු කරන ක්‍රීම් ගැන සොයාගත් අලුත්ම හෙළිදරව්ව ගැන ඇහුවොත් ඔබ පුදුම වෙයි.. (VIDEO)

Sri Lanka
By krishani Jun 09, 2023 08:28 AM GMT
Report

කාන්තාවන්ගේ සම සුදුවීමට භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවකින් තහවුරු වී තිබෙනවා.

මෙම හෙළිදරව්ව පිටකොටුව ප්‍රදේශයේ අලෙවියට වෙළෙඳසැලක තිබූ ක්‍රීම් වර්ග සම්බන්ධයෙන් සිදුකර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි ආලේපන වර්ග භාවිත කිරීමෙන් වළකින ලෙස ය. 

ඒ  එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත කිරිමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බැවින් ය.

පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය වැටලීමක් සිදු කෙරිණී.

එම වැටලීමෙන් පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන වගකීමක් නොමැති නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන වර්ග රැසක් සොයාගෙන ඇත.

එහිදී ආලේපන වර්ග 6ක සාම්පල ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත ප්‍රමිතිය පරීක්ෂා කිරීමට යවා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආලේපන වර්ග තුළ ඉතා විශාල වශයෙන් රසදිය අඩංගුව ඇති බවයි.

කෙසේවෙතත්, වෛද්‍යවරුන් පවසන්නේ රසදිය විශාල ප්‍රමාණයන්ගෙන් අඩංගු වන මෙවැනි රූපලාවන්‍ය ක්‍රීම් වර්ග භාවිතා කිරිමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බවයි. 

විඩියෝ දර්ශන - Ada Derana