ලෝකෙම බිය ගන්වමින් පැතිරුණු කොවිඩ් යළිත්? නවතම තොරතුරු මෙන්න.

COVID-19 COVID-19 Vaccine United States of America
By Sithumini Jun 29, 2024 08:26 AM GMT
Report

කාලයක් පුරා ලෝකයේම අවධානයට ලක්ව තිබු මාරන්තික වෛරසයක් ලෙස කොවිඩ් වෛරසය ලොව පුරා කාලයක් ව්‍යාප්ත වුණා.

මේ හේතුවෙන් විශාල පුද්ගල මරණ ගණනාවක් වාර්තා වුණා. ඒ වගේම ලෝකයේම විශාල වශයෙන් ආර්ථික පරිහානියකට පත්වීමටත් මේ කොවිඩ් වෛරසය බලපෑවා. කොවිඩ් 19 ප්‍රභේදයක් යළිත් හමුව තිබෙනවා.

ඒ අමරිකාවෙන්. මේ බව විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා. මේ වන විට අමරිකාවේ ප්‍රාන්ත 39ක මෙම රෝගය පැතිර ගොස් ඇති බව අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබෙනවා.