හිටපු අමාත්‍ය ප්‍රසන්නගේ පාස්පෝට් එක ගැන අධිකරණය දුන් තීන්දුව මෙන්න

Sri Lanka Magistrate Court Bribery Commission Sri Lanka Prasanna Ranatunga Law and Order Sinhala news
By R.rishma Aug 04, 2026 08:28 AM GMT
Report

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවල වත්මන් ප්‍රගතිය ඔක්තෝබර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසම විසින් විමර්ශන සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. 

එහිදී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින්, ජර්මනිය සහ ඩුබායි වෙත සංචාරය කිරීම සඳහා වීසා ලබාගැනීමේ අවශ්‍යතාවක් ඇති බැවින් ඇප මත මුදාහැර ඇති විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු සතුව තබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, පෙර නියම කළ පරිදි විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේ තබා ගැනීමට අවසර ලබා දුන්නේය.

මේ අතර, විමර්ශනවල ඉදිරි ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ඔක්තෝබර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.