අභිරහස් ලෙස මියගිය ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් සම්බන්ධයෙන් අධිකරණයෙන් විශේෂ නියෝගයක්.

CID - Sri Lanka Police Sri Lanka Supreme Court of Sri Lanka
By Wayomi Nov 08, 2023 11:57 AM GMT
Report

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝග කර ඇත.

ඒ, ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමක් ලෙසයි.

මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින්.