ඇප මත මුදා හැරී බදියුදීන්ට රටින් පිටව යෑමටත් අවසර..නවතම අධිකරණ නියෝගය මෙන්න..
Sri Lanka
politics
court order
Ishalini
Rishad Badurdeen
Ester attavk
By Sewvandhi
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ට විදෙස්ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ලබාදී තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මාස 3ක කාලයක් සඳහා අදාළ අවසරය ලබාදී ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය දා ඇප මත මුදාහැරුණි.
ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් වු නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇප නියම කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |