නගර සභා සභාපතිවරයෙකු නිවසෙන් නෙරපා දැමීමට උසාවි නියෝගයක්..!

municipal council court order Minuvangoda Newton Kulasooriya C.A.samaradivakara
By Sewvandhi Mar 09, 2022 09:47 AM GMT
Report

මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ නිව්ටන් කුලසූරිය පදිංචි නිවසින් නෙරපීමේ ආඥාවක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී.ඒ.සමරදිවාකර විසින් නිකුත් කර තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ - මීගමුව පාරේ අංක 87 දේපල සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ නිව්ටන් කුලසූරිය, දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානයේ පදිංචිව සිටි බවටයි අධිකරණයේ දී සඳහන් වුණේ.

අදාළ ඉඩම මිනුවන්ගොඩ නගර සභාව සතු ඉඩමක් වන අතර අදාළ ආඥාවට අනුව මිනුවන්ගොඩ නගර සභාවේ ලේකම්වරයා වෙත එම දේපල වහාම භාර දෙන ලෙසටයි නිව්ටන් කුලසූරිය වෙත දැනුම් දී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now