ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සම්බන්ධයෙන් විශේෂ අධිකරණ නියෝගයක්..!

CCTV Chamuditha Samarawickrama kasbava
By Sewvandhi Feb 18, 2022 08:43 AM GMT
Report

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ පොලිසියේ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කරමින්. ප්‍ රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස මෝසමක් මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මේ අතර, ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් සී.සී.ටී.වී. කැමරා විශ්ලේෂණය ද සිදු කෙරෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස සහ අවට නිවාසවල සතියක පමණ කාලයක සී.සී.ටී.වී. දර්ශන මෙලෙස විශ්ලේෂණය කිරීම ආරම්භ කරන බවයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

එමෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සී.සී.ටී.වී. දර්ශන 86ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පළාගිය රථය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දෙහිවල සරණංකර මාවත දක්වා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now