වාහන 51ක් ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Colombo Sri Lanka Magistrate Court Latest Headlines Decision Making
By krishani Apr 05, 2024 02:09 PM GMT
Report

නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) නියෝගයක් ලබා දී තිබෙනවා.

වාහන 51ක් ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Court Order About 51 Vehicles

ඒ මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා වෙතයි.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ය. 

වාහනයක් ගන්න ද හීන මැව්වේ?. වාහන ගැන රටටම සුබ පණිවිඩයක් මෙන්න..

වාහනයක් ගන්න ද හීන මැව්වේ?. වාහන ගැන රටටම සුබ පණිවිඩයක් මෙන්න..


2015 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස වාහන 51ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අදාළ වාහන වෙනත් පාර්ශව වෙත පැවරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.