කැස්ස සිරප් නිෂ්පාදකයින්ට ඉන්දීය රජයෙන් දැනුම්දීමක්..!
India
By Sewvandhi
කැස්ස සිරප් නිෂ්පාදකයින් තම නිෂ්පාදන අපනයනය කිරීමට පෙර සාම්පල පරීක්ෂා කර ගැනීම ඉන්දියාවේ රජය විසින් අනිවාර්යය කර තිබෙනවා
ඒ අනුව මෙම සමාගම් රජය විසින් අනුමත කරන ලද රසායනාගාරයකින් විශ්ලේෂණ සහතිකයක් ජුනි පළමුවනදා සිට, ලබා ගත යුතුයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ, ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ සිදු වූ මරණවලට ඉන්දියාවේ නිෂ්පාදිත මෙම කැස්ස සිරප් පිළිබඳ ගැටළු ඇතිවීමෙන් පසුව මෙම නීති වෙනස් කර ඇති බවයි.
එරට විදේශ වෙළඳ අධ්යක්ෂ ජනරාල් විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කැස්ස සිරප් පරීක්ෂා කර අපනයන නියැදියට යටත්ව අපනයනය කිරීමට අවසර දෙන බවයි.
සාම්පල පරීක්ෂා කළ හැකි මධ්‍යම සහ ප්‍රාන්ත රජයේ රසායනාගාර ලැයිස්තුවක් ද එහි සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |