කෝප් කමිටුවේ සභාපති ධූරයට පත් කළ අලුත්ම පුද්ගලයා මෙන්න..
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් හට නව ධුරයක් හිමිව තිබෙනවා. ඒ කෝප් කමිටු සභාවේ නව සභාපතිවරයා වශයෙන් මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනීමයි.
මෙම පත් කිරීම අද (10) පස්වරුවේ සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ. මහාචාර්ය චරිත හේරත් කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දර්ශන අධ්‍යයනාංශයෙහි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, 2019 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වියත් මගෙන් ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙක්
. මේ අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේදී දෙවැනි සභාවාරයේ දී ප්‍රථම වරට රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා අවස්ථාවේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර තිබෙනවා.
රැස්වීමේදී මුද්දර ගාස්තු මාරු කිරීමේ පනත සඳහා වන සංශෝධනය අනුමත වී ඇති බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |