වසර 33 කට පසු ශ්‍රී ලංකාවට පිටුවහල් රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් තිදෙනා. - (PHOTO)
Rajiv Gandhi
India
By Wayomi
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන චෝදනාවට වරදකරුවන් වූ වසර 33ක් සිර දඬුවම් ලැබූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා මෙරටට පිටුවහල් කර තිබෙනවා.
එලෙස පිටුවහල් කර ඇත්තේ, 62 හැවිරිදි ශන්මුගලිංගම් ජයකුමාර, 53 හැවිරිදි වෙන්ට්රිවල් ශ්‍රී කරන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබට් පයස් යන පුද්ගලයන් වන අතර ඔවුන් සමඟ ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ ඇත.
මෙම පුද්ගලයන් තිදෙනා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනයට සම්බන්ධ වීමේ චෝදනාව මත වසර 33ක් සිර දඩුවම් විදීමෙන් පසුව 2022 නොවැම්බර් මස 11 වන දා නිදහස ලබා තමිල් නාඩු ප්‍රාන්තයේ ට්‍රිචිනාපොලි විශේෂ කදවුරේ ද රඳවා තබා ගැනීමෙන් පසුව අද මෙසේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුනා.