සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් තෑගී - බිරිඳගෙන් සමාජ මාධ්‍යයට කොන්ත්‍රාත්තුවක්

WhatsApp India Crime Murder
By Sewvandhi Mar 31, 2024 01:50 PM GMT
Report

තම සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට සිය WhatsApp ගිණුමේ පළකළ කාන්තාවකට ඉන්දීය පොලීසිය නඩු පවරා ඇත.

ඉන්දියාවේ අග්‍රා හි බාහ් දිස්ත්‍රික්කයේ ජීවත් වන කාන්තාවකට එරෙහිවයි මෙලෙස ඉන්දීය පොලීසිය නීතිමය පියවර ගෙන ඇත්තේ.

මෙම කාන්තාව සිය WhatsApp ගිණුමේ පළකර ඇත්තේ ඉන්දීය රුපියල් 50,000ක ත්‍යාගයක් ලබා දෙන බවය. තමන් ඝාතනය කරන කෙනෙකුට මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට සිය බිරිඳ WhatsApp ගිණුමේ පළ කර තිබූ පණිවිඩ දුටු එම කාන්තාවගේ සැමියා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඔහු පොලීසියට පවසා ඇත්තේ, මීට පෙරද අවස්තා කිහිපයකදී සිය බිරිඳගේ මිතුරන් සහ පවුලේ පිරිස් තමන්ට මරණ තර්ජනය කර ඇති බවයි.

මෙම පුද්ගලයා අදාළ කන්තාව සමඟ විවාහ වී ඇත්තේ පසුගිය 2022 වසරේ ජූලි 9 වනදාය. නමුත් ඇති වූ පවුල් ආරවුල් සහ නොගැලපීම් හේතුවෙන් ගැටුම් ඇති වූ බවත් ඉන් පසුව 2022 දෙසැම්බර් මාසයේදී සිය බිරිඳ තමන් අතහැර ඇයගේ දෙමාපියන් වෙත ගොස් ජීවත්වූ බවත් ඔහු පවසා ඇත.

එමෙන් ඔහු චෝදනා කර ඇත්තේ සිය විවාහ ජීවිතයේ ගැටුම් ඇති වූයේ සිය බිරිඳගේ අනියම් සබඳතාවක් තිබීම හේතුවෙන් බවය. එම පුද්ගලයා ද තමන්ට දුරකථන ඇමතුමකින් තමා මරා දමන බවට තර්ජනය කළ බවත් ඔහු පවසා ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ  මේ වනවිට ඇය තමන් ට එරෙහිව නඩත්තු නඩුවක් ද ගොනු කර ඇති බව ඔහු පොලීසිය වෙත පවසා ඇති බවයි.