ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ගණන් අඩු කෙරේ.

Government Of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Jun 16, 2024 09:43 AM GMT
Report

සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස ජාතික ඉදිකිරීම් සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ලබන වසරේ අප්‍රේල් මාසයේ රජය පනවන්න යන නව දේපොළ බද්දේ වෙනසක්. මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය.

ලබන වසරේ අප්‍රේල් මාසයේ රජය පනවන්න යන නව දේපොළ බද්දේ වෙනසක්. මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය.


පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුනා.

නමුත් ආර්ථිකය යළි ප්‍රකෘතිවීමත් සමඟ ඒවායේ මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර කියා සිටියේ මෙවැන්නක්.

"පසුගිය කාලසීමාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. අද වෙනෙකොට යම් ප්‍රකෘතිමත්වීමක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. සිමෙන්ති, යකඩ, තීන්ත ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් යම් මට්මකින් අඩුවෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්විට සතුටුවෙන්න පුළුවන් බැංකු පොලිය අඩුවෙලා තියෙනවා. අපි අදහස් කරනවා අපේ සේවාදායකයින්ට බැංකු ණයක් අරගෙන ගෙයක් හදාගන්න පුළුවන් වාතාවරණයක් යම් මට්ටමකට හැදිලා තියෙනවා කියලා."