සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික්, ඇළුමීනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කරයි?..රටටම සුබ ආරංචියක්..
රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතයි.
ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුව තුළ ගෙවීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද රණතුංග මහතා කියයි.
මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතුවූවන්ට සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ.
එම කමිටුව මෙම සතියේ දී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි.
මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු සහ වක්‍ර රැකියාවල ලක්ෂ 10 ට ආසන්න පිරිසක් නියුතුවෙති.
කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තය දැඩි පසුගාමීත්වයකට ලක්විය.
එම ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන සීමා කිරීම්, සැපයුම් ප්‍රවාහන ප්‍රමාදය, බැංකු පහසුකම් සීමා කිරීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යෑම, ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟවීම වැනි කරුණු හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය මෙන් ම අනෙකුත් ප්‍රමුඛ ව්‍යාපෘතීන්වලට දැඩි බලපෑම් එල්ල විය.
මේ තත්වය නිසා කොන්ත්‍රාත්කරුවන්ට රජයේ ආයතන මඟින් ගෙවීමට ඇති රුපියල් බිලියන 122 ක මුදුලක් ගෙවීම ප්‍රමාද වී තිබේ.
එහෙත් ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාගැනීමට ඉදිරියේ දී මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇළුමීනියම්, යකඩ, පී.වී.සී බට, වයර්, ටයිල් ආදී අමුද්‍රව්‍ය මිල වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇත.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ එම උපාංගවල මිල පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික්, ඇළුමීනියම් උපාංග වැනි අත්‍යාවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පහසුවෙන් වෙළඳපොලෙන් ලබාගැනීමට හැකිවන පරිදි සී/ස ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව මඟින් ආනයනය කර බෙදාහැරීමටත් කටයුතු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, මෙලෙස භාණ්ඩ රැසක මිල සියයට 400කින් ඉහළ යෑම පිළිබඳව ගගන ප්‍රවෘත්ති අංශය විසින් ඊයේ දිනයේ වාර්තා කළා.
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගණන් එම සමාගම්වලින් අසීමිත ලෙස ඉහළ දමා ඇති බව ත් රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව බලා සිටින බව ත් ජාතික ඉදිකිරීම් සේවක සංගමය චෝදනා කරයි.
පින්තාරු අමුද්‍රව්‍යවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවත් රුපියල් 750 තිබූ තීන්ත ලීටරයක මිල මේ වනවිට රුපියල් 4,215ක් වී ඇති බව ද එම සංගමය සඳහන් කරයි.
රුපියල් 960ට තිබූ සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට රුපියල් 2,820ක් බවත් රුපියල් 850ට තිබූ වෑල්ඩින් කූරු පැකට් එකක මිල රුපියල් 2,600ක් බව ද එම සංගමය කියා සිටී.
රුපියල් 3,500ට තිබූ අ(ර්)ත් වයර් රෝලක මිල මේ වනවිට රුපියල් 19,500ක් බව ත් එම සංගමය සඳහන් කරන අතර මේ ඔස්සේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියැළෙන පිරිස් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ද එම සංගමය වැඩිදුරට ත් සඳහන් කරයි.
මීට අවමතරව ටයිල් වර්ග ඇතුලු බාත්රූම් වලට අවැසි සියලුම උපකරණ මිලද අධික ලෙස ඉහල ගොස් තිබේ.
පාලනයකින් තොරව මෙම භාණ්ඩ වල මිල ඉහළ දැමීම නිසා මෙම භාණ්ඩ වර්ග අලෙවිකරණ ව්‍යාපාරිකයින් අධික ලාභයක් ඉපයීමද මේ වන විට වෙළඳ පොල තුල බහුලව දක්නට ලැබේ.
මෙලෙස අධික ලෙස මිල ඉහළ යාම පාරිභෝගිකයින්ට දරාගැනීමට නොහැකි තත්ත්වයක් තුළ මෙම භාණ්ඩ වර්ග වල මිල අඩු කිරීමට අදාල අංශ වල වගකිවයුතු බලධාරීන් ක්‍රියා නොකරන්නේ මන්දැයි ප්‍රශ්නාර්ථයකි.
තවමත් පාරිභෝගික ජනතාව අධික ලෙස ඉහළ ගිය මෙම භාණ්ඩ වල මිල අඩුවේයැයි දැඩි අපේක්ෂාවෙන් බලා සිටී.
දැන්වත් මේ ගැන බලධාරීන්ගේ ඇස් ඇරේවා.!!
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |