"සමාජ මාධ්‍ය තුළින් මඩ ගැහුවා.. මගේ අත්වල ලේ ගෑවිලා නෑ.." - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්.. (UPDATE)
UPDATE :-
අද (15) පැවතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනයේ දී එම පක්ෂයේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් විය.
එහිදී එම සමුළුව අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකී,
"අපේ පක්ෂෙට වගේම රටට ආදරය කරන මිනිස්සු වගේ ඔබ ඉතා ඉවසීමෙන් කටයුතු කළා. අපේ සම්මේලනය තියෙනවා කිව්වාම සමාජ මාධ්‍ය තුළින් අපට මඩ ගැහුවා.අද ඒ සියල්ලටම ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
අපි 2005 දී රට භාර ගන්නකොට ජනතාව අපෙන් ඉල්ලුවේ රට දෙකට කැඩෙන එක නවත්තන්න කියලා විතරයි. සමහර නායකයෝ යුද්ධය නවත්තන්න ආයුධ දුන්නා ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් ඒ ආයුධවලින්ම අපේ රණවිරුවෝ මැරුවා.
සිංහල දෙමළ සියළු ජනතාවට සාමයෙන් ඉන්න පුළුවන් රටක් අපි හැදුවා. අනාගත අභියෝගය ජය ගත හැකි එකම පක්ෂය තමයි මේක.
මගේ අත්වල ලේ ගෑවිලා නෑ. අරගලයෙන් නැතිවෙන්න ගිය රට බේරුණේ ඔබ නිසයි. අරගලයේ වෙස් මුහුණු ගලවන්න කාලෙ ඇවිල්ලා.
රටට අවශ්‍ය විදිහට අලුත් ගමනක් ආරම්භ කරනවා. අලුත් රටක් වෙනුවෙන් පෙළගැසෙමු. ඉදිරියේ මැතිවරණ අපි ජයග්‍රාහණය කරමු. මගේ ප්‍රතිපක්ති තුළින් රට ගොඩනගමු. විවේචනවලට ඉඩ දීලා ඔප්පු කළ හැකි දේශපාලනයට එක් වෙමු. '' යනුවෙන් ය.
---------------------------------------------------------------
පොහොට්ටුවේ නායකත්වය තීරණය වෙයි - අද ඇරඹුණු පොහොට්ටුවේ මහා සම්මේලනයේ දී සිදුවුණ දෙය මෙන්න.
අද (15) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය ආරම්භ වීය.
එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් පත් විණ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කිරිමෙන් ය.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථීර කළේ ය.
-------------------------------------------------------------
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මහා සම්මේලනය ඇරඹේ - එහි සජීවී දසුන් නැරඹීමට මෙතනින් පිවිසෙන්න. (LIVE)
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය ආරම්භ වී තිබේ.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ය.
ඊයේ (14) දිනයේ එහි සූදානම නිරීක්ෂණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියේ ය.
සජීවී දර්ශන - Ada Derana