කොංගෝ ගංවතුරින් 176 ක් ජීවිතක්ෂයට සියයට අධික පිරිසක් අතුරුදන්..

Climate Change Africa Weather
By Sithumi May 06, 2023 06:07 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

දකුණු කිවු පළාතේ ආණ්ඩුකාරවරයා සහ බලධාරීන් විසින් ලබා දුන් තාවකාලික තක්සේරුවකට අනුව, නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති අතර, 100 ක් පමණ තවමත් අතුරුදහන් ව තිබෙනවා.

ගංගාවල ඉවුරු බිඳියි ගොස් ඇති බවත්,  විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද බලධාරීහු වාර්තා කළහ.

දකුණු Kivu ආණ්ඩුකාර තියෝ සිය ගිණුමෙත් ට්විටර් සටහනක් තබමින්, තමා එම ප්‍රදේශ බැලීමට ගිය බවත් පළාත් රජය වෛද්‍ය, නවාතැන් සහ ආහාර සැපයුම් යවා ඇති බවත් සඳහන් කරනවා.

විපතට පත් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග කිහිපයක් වර්ෂාවත් සමඟ ගමනාගමනයට නොහැකි තත්ත්වයට පත්වී ඇති අතර සහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මියගිය පුද්ගලයින්ට ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි සඳුදා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මධ්‍යම රජය අර්බුද කළමනාකරණ කණ්ඩායමක් දකුණු කිවු වෙත යවා පළාත් රජයට සහාය දක්වයි.

පසුගිය දිනවල ඇදහැලෙන අධික වර්ෂාවෙන් නැගෙනහිර අප්‍රිකාවේ දහස් ගණනකට දුක්ඛිත තත්ත්වයන් ඇති වූ අතර උගන්ඩාවේ සහ කෙන්යාවේ සමහර ප්‍රදේශවලට ද අධික වර්ෂාපතනයක් දක්නට ලැබේ. කොංගෝවට මායිම්ව පිහිටි රුවන්ඩාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ සතිය මුලදී පුද්ගලයන් 129 දෙනෙකු මිය ගියහ. මූලාශ්රය - ඇසෝසියේටඩ් ප්රෙස්


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now