ඉන්දියාව ඇවිලෙයි.. හමුදා භටයන් දහස් ගණනක් යොදවයි.. දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය පණවයි.. (VIDEO)

Government Of India India
By krishani May 08, 2023 08:13 AM GMT
Report

ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මැර කණ්ඩායම් විසින් නිවාස, වාහන, පල්ලි සහ පන්සල්වලට ප්‍රහාර එල්ල කරන බව එරට බලධාරීහු සඳහන් කළේ ය.

ඒ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම්වලට එරෙහිව ආදිවාසී ප්‍රජාවන් විරෝධතා රැලියක් පැවැත්වීමෙන් පසුව පසුගිය සතියේ ප්‍රචණ්ඩත්වය ආරම්භ විය.

මේ අතර, ප්‍රාන්තයේ ජනගහනයෙන් 53%ක් වන Meitei ප්‍රජාවේ සාමාජිකයන් විසින් ඔවුන්ට වනාන්තර ඉඩම්වලට ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මනිපූර්හි තත්ත්වය පාලනය කර ඇති අතර සාමය පවත්වා ගැනීම සඳහා හමුදා භටයන් දහස් ගණනක් ප්‍රාන්තයේ යොදවා ඇත.

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර අන්තර්ජාල සඳහා ප්‍රවේශ වීමේ පහසුකම ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක තවමත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතියි.

කෙසේවෙතත්, මහාරාෂ්ට්‍ර සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි ඇතැම් ප්‍රාන්තවලින් ඉවත්වන අය සඳහා විශේෂ ගුවන් ගමන් සංවිධානය කර තිබෙනවා.

දර්ශන අයිතිය - Al Jazeera English Y-Tube Channel