තරුණ ප්‍රජාවට කොන්ඩම් නොමිලේ..
By krishani
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම අවම කිරීමක් ලෙස ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (09) පැවසීය.
ඒ අනුව එළඹෙන ජනවාරි 1 දා සිට එරට ෆාමසිවලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා කොන්ඩම් නොමිලේ ලබා දීමට කටයුතු කරයි.
අදාල තීරණය ගෙන ඇත්තේ 2020 සහ 2021 අතර කාලයේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තුගත කරන ලද ප්‍රංශයේ ලිංගාශ්‍රිත රෝග අනුපාතය 30% කින් පමණ වැඩි වීමත් සමග බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |