ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළියට..සියලු විස්තර..

By Sewvandhi Jan 21, 2022 08:32 AM GMT
Report

ඉවත දමන දඬුව පවා සරුවට වැවෙන පොළොවක් හිමි පරපුරක් වන අප එදා සිට ම කුස පුරවා ගත්තේ, ගස්වැල්වල පිහිටෙන් හෙරළි, කටුඅල, බතල, කරකොළ, තිබ්බටු, ගොටුකොළ හා සිංහල හාලේ බත්වලින්.

එම ආහාරයට ගත් අපේ මුතුන් මිත්තන් ගත කළේ, නිරෝගී දිවි පෙවෙතක්. නිරෝගී දිවි පෙවෙතක් ගෙවූ මුතුන් මිත්තන්ගේ රහස් සොයාගෙන යාමේ දී හෙළි වූ ප්‍රධාන කරුණ නම්, එකල ඔවුන් ගත් නිවැරදි නිර්මාංශ ආහාර රටාව ඊට ප්‍රධාන හේතුව බවයි.

එමෙන්ම අවිහිංසාවාදී මිනිසුන් වූ අපේ පැරැන්නන් බොහෝ දෙනෙක් ගෙවූයේ දැහැමි දිවි පෙවෙතක්. එහි ප්‍රාණඝාතයට හෝ මාංශ අනුභවයට ඉඩක් නොවූ තරම්.

ඒ නිරෝගී, අවිහිංසාවාදී පරපුර යළි මෙරට බිහිකිරීමේ අරමුණ ඇතිව Dharma Voices for Animals (සතුන් වෙනුවෙන් දහම් හඬ) සංවිධානය ශ්‍රී ලංකාවේ දී පළමු වරට පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථයක් එළි දක්වා තිබෙනවා. 

 ආරෝග්‍යා ලෙස නම්කර ඇති මෙම ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ 100% ක්ම නිර්මාංශ ආහාර වට්ටෝරු සියයකට වැඩි සංඛ්‍යාවක් ඇතුළත්.

එමෙන්ම මෙම ආහාර වට්ටෝරුවල විශේෂත්වය වන්නේ, අවම වශයෙන් කිරි, චීස්, බටර් වැනි සත්ත්ව නිෂ්පාදන හෝ මෙම වට්ටෝරු පිළියෙල කිරීමේ දී අවශ්‍ය නො වීම යි.

ආරෝග්‍ය ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ පළමු පිටපත Dharma Voices for Animals සංවිධානයේ නිර්මාතෘ බොබ් අයිසැක්සන් මහතා අතින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී, පණ්ඩිතාචාර්ය පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස නායක හිමිපාණන් වෙත පිළිගැන්වූවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now