ගුවන් හමුදාවේ ගුවන්‍ යානා වැඩි ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකි මට්ටමක..

Sri Lanka Army Sri Lanka Sri Lanka Air Force Aircraft
By Piyumika Jun 02, 2024 08:14 AM GMT
Report

ගුවන් හමුදාව සතු සමස්ත ගුවන් යානා සංඛ්‍යාවෙන් 45% පමණ භාවිතයට ගත නොහැකි මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.

සුප්‍රසිද්ධ අයගේ සමාජමාධ්‍ය ගිණුම් වලට වෙන දේ..හැමෝම මේ ගැන දැනුවත් වෙන්න..

සුප්‍රසිද්ධ අයගේ සමාජමාධ්‍ය ගිණුම් වලට වෙන දේ..හැමෝම මේ ගැන දැනුවත් වෙන්න..

කොවිඩ් වසංගතය පැවැති කාලයේදී අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට නොහැකිවීමත්, පසුව ඒවා නඩත්තු කිරීමට වැයවන විශාල මුදල දරා ගැනීමට අපහසු වීමත් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

එමෙන්ම මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඔස්ට්‍රේලියානු රජයෙන් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානා දෙකක් පරිත්‍යාග ලෙස මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වේ.

මහා ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්. - ගුවන් හමුදාවත් වැඩ පටන් ගනී.

මහා ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්. - ගුවන් හමුදාවත් වැඩ පටන් ගනී.

ගුවන් හමුදාව සතු බීච් ක්‍රාෆ්ට් වර්ගයේ King Air B200 ගුවන් යානය සමුද්‍රීය හා ගොඩබිම් නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා අතර, මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වැටලීම්ද මෙමගින් සිදු කෙරේ. නමුත්, පුළුල් වපසරියක් නිරීක්ෂණය කිරීමට මෙම ගුවන් යානය පමණක් ප්‍රමාණවත් නොවන බවද අනාවරණය වේ.

මෙම ගැටලුවලට පිළියමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට වෙන් කරන ලද විදේශීය මූල්‍යාධාර අරමුදල් යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද King Air බීච් ක්‍රාෆ්ට් වර්ගයේ King Air 360 ER ගුවන් යානාවක් සහ වසරක අමතර කොටස්ද සමගින් මෙරටට ලබාදීමට නියමිතය. ඔස්ට්‍රේලියානු රජය විසින්ද King Air 350 ගුවන් යානයක් මෙරටට ලබාදීමට නියමිත අතර ඒ සමග වසරක අමතර කොටස්ද ප්‍රදානය කෙරේ.

බස් රථ දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙක් මරුට..අද සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..(PHOTOS)

බස් රථ දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙක් මරුට..අද සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..(PHOTOS)

මෙම ගුවන් යානයක වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන පහළවකට අධිකය. මෙම ගුවන් පරිත්‍යාග ලබා ගැනීමට අදාළව අනුමැතිය ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක්ද මේ වන විට ඉදිරිපත් කර ඇත.