සියල්ල සූදානම් - රජයෙන් ජනතාවට ලබා දෙන්න යන දෙය මෙන්න..

Government Of Sri Lanka Floods In Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 28, 2024 03:41 PM GMT
Report

ගංවතුර හේතුවෙන් හානි සිදු වූ නිවාසවලට වන්දි මුදල් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා.

සියල්ල සූදානම් - රජයෙන් ජනතාවට ලබා දෙන්න යන දෙය මෙන්න.. | Compensation For Flood Damaged Houses

ඒ බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාසවලට එම වන්දි මුදල් ලබා දීමට නියමිතව ඇත.

මේ අතර, වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්න ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් දී තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබා දීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බවයි.

එමෙන්ම මෙවර යල කන්නයේ දී රජය රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම ලබා දී ඇති නමුත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුණ බවට පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.