ධවල මන්දිරයේ රජ සැප අහිමි වුන බය නැති "කමාන්ඩර්". (PHOTOS)
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ සුරතලා කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයෙන් පිටමං කර ඇත.
ඒ මීට සති කිහිපයකට ඉහත දී කමාන්ඩර් ධවල මන්දිරයේ තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කෑමත් සමගයි.
ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ධවල මන්දිර සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ් අනුව කමාන්ඩර් තවදුරටත් ධවල මන්දිරයේ රැඳී නොසිටිනු ඇති බව වාර්තා වෙනවා.
ධවල මන්දිරයේ දී සහ බයිඩ්න්ගේ නිවසේ දී කමාන්ඩර් විසින් ආරක්ෂකයින් සපා කෑ 11 වන අවස්ථාවක් වාර්තා වේ.
බයිඩ්න් පවුලේ, ජර්මන් ෂෙෆර්ඩ් සුනඛයින් දෙදෙනා අතුරින් බාලයා වන්නේ කමාන්ඩර් ය.
ඇතැම් ආරක්ෂකයින් ජනපති ජෝ බයිඩ්න් ඉදිරියේදී ම සපා කා තිබීම ද විශේෂත්වයක් වේ.
කමාන්ඩර් ධවල මන්දිරයට රැගෙන ඇවිත් ඇත්තේ 2021 වසරේ දී වන අතර ඒ බයිඩ්න්ට සිය සහෝදරයාගෙන් ලැබුණ තෑග්ගක් ලෙසයි.
කෙසේ වෙතත්, කමාන්ඩර් දැන් සිටින ස්ථානය පිළිබඳව කරුණු ප්‍රකාශ වී නොමැත.



