කොළඹ ප්‍රදේශ රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ජල සැපයුම යථාතත්වයට..

Colombo Water Cut Water Board Water
By Aruna Jun 25, 2023 01:12 AM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ(24) දින පෙරවරු 8.00 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළ අතර , එම ජල සැපයුම අත්හිටුවීම ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වුණා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවූ බව එම මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව ඊයේ පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කෙරුණා.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිට වූ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.