කොළඹ රත්කල වෙඩි තැබීම..

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Dec 31, 2023 04:40 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ තොටළඟ ප්‍රදේශයේ අද(31) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

මේ වනවිට,  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර ඇත.

මේ අතර, අද(31) අලුයම වැලිගම දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙක් මියගිය අතර තවත් අයෙක් තුවාල ලැබුවා. අදාළ වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ පොලිසිය සහ පොලිසිය අතර වීම විශේෂත්වයක්.

කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ මෙහෙයුමක් සඳහා වැලිගම ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදී ඔවුන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඒ ආසන්නයේ වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් ජංගම රථයෙන් රාත්‍රී මුර සංචාරයක නිරත වී සිට ඇති අතර ඔවුන් විසින් දැක ඇත්තේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කරන ආකාරයයි.

කොළඹ රත්කල වෙඩි තැබීම.. | Colombo Thotalaga Gun Shot

ඒ අනුව වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් අදාළ වෑන් රථයට වෙඩි තබා තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ මෙහෙයුම සඳහා පැමිණ ඇත්තේ වැලිගම පොලිසිය දැනුවත් කිරීමකින් තොරවයි.

වැලිගම පොලිසිය විසින් අදාළ වෑන් රථයට වෙඩි තබා ඇත්තේ එහි පැමිණ සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් බව නොදැන වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් වැලිගම පොලිසියේ ප්‍රහාරය හමුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ එක් නිලධාරියෙක් මියගිය අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.