කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයේ සිදු වූ සීඝ්‍ර වෙනස.

Colombo Stock Exchange Economy of Sri Lanka Businessman Sri Lanka Banks
By Wayomi Jun 06, 2024 12:36 PM GMT
Report

අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.93 ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,310.78 ක් ලෙසින් ඉහළ ගොස් ඇත.

මේ අතර S&P SL20 දර්ශකය අද දිනය තුළ ඒකක 57.58 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 3,650.88 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා දුම්කොළ සමාගම, හැටන් නැෂනල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී ඇති අතර දිනය තුළ සමාගම් 132 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර මිල පහළ ගොස් තිබුණු සමාගම් ගණන 51 කි.  

රු බිලියන 1.56 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එය පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී සාපේක්ෂව ඉහළ අගයයකි. මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.49 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.46 ක් ලෙසින් වාර්තා විය.

අද දිනයේ දීද විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක පැවති අතර එහි දී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 66 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 96 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.

හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 127), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (රු. මිලියන 119), හේලීස් (රු. මිලියන 82), LOLC හෝල්ඩිංස් (රු. මිලියන 77) හා NDB (රු. මිලියන 66) යන සමාගම් අද දිනයේ දී සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදීමට සමත් වී ඇත. 



Gallery