"..මුන් ළමයි නෙවෙයි තාත්තලා.." අනාරක්ෂිතව දියනෑමට ගිය පාසල් සිසුන් පිරිසකට ගම්වාසීන් එක්ව සිදුකළ වැඩේ - එම අවස්ථාවේ දර්ශන සහිතයි..(VIDEO)

colombo students Gampaha Dharaluwa anikat
By Sewvandhi Mar 23, 2022 10:39 AM GMT
Report

විමසිලිමත් ගම්වාසීන් පිරිසක් විසින් අනතුරුදායක ස්ථානයක දිය නෑමට යමින් සිටි සිසුන් කිහිපදෙනෙක්ව එම ස්ථානයට යෑමෙන් වළක්වා ඔවුන්ව පොලිස් නිලධාරීන්ට බාරදීමේ පුවතක් ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් වාර්තා විය.

අද උදෑසන කොළඹ පාසලක සිසුන් කිහිපදෙනෙක් පාසල් ඇඳුමෙන් ගම්පහ දාරළුව ඇනිකට් එකට යමින් සිටියේ දිය නෑමට ය. ඔවුන් පාසල් ඇඳුමින් සිටි බැවින් ගම්වාසීන් ඔවුන් ගැන විමසිලිමත් වී ඇත. විශේෂයෙන් ම දාරළුව එම ස්ථානයේ දිය නෑමට උත්සාහ කළ පාසල් සිසුවෙක් පසුගිය සතියේ ජීවිතක්ෂයට පත්විය.

ඒ පිළිබඳව සිසුන්ට දන්වා එහි දිය නෑමට නොයන ලෙස වැඩිහිටි පුද්ගලයෙක් සිසුන්ට පවසා තිබුණි. පසුව තවත් ගම්වාසීන් එහි රැස්වී සිසුන්ව සිය ග්‍රහණයට ගැනීමට සමත්වී ඇති අතර සිසුන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පැනගොස් තිබේ.

ගම්වාසීන් සිය බාරයට ගත් සිදුන් දෙදෙනා පොලිස් නිලධාරීන් ට බාරදුනි. ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසුන් පිරිසක් පොලිස් භාරයට ගෙන තිබේ. අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම සිසුන් පිරිස කොළඹ ප්‍රදේශයේ සිට දිය නෑම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇති බවය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now