නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් වැසෙන මාර්ග මෙන්න - නව රථ වාහන සැලැස්ම හා ඇතුළත් වන, පිටත් වන සියලු විකල්ප මාර්ග දළ සටහන්..
By Sewvandhi
මෙවර නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු වැඩසටහන් සඳහා රථවාහන සැලැස්මක් පොලිස් කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට (29) සිට පෙබරවාරි මස 3 වනදා දක්වා දිනපතා පෙ.ව 7 සිට ප.ව 2 දක්වා එම පෙළපාලි පෙරහුරු පැවැත්වේ.
එමෙන්ම එළැඹෙන පෙබරවාරි මස 4 වනදා ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙ.ව 6 සිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ඉහත සඳහන් වේලාවන් තුළ කොළඹ නගරයේ ඒ ආසන්න පිහිටි පහත සඳහන් මාර්ගයන් හි විටින් විට රථවාහන ගමනාගමනය සීමා කෙරේ.




