චීනයෙන් ලංකාවට ඩොලර් ගේන වාහන සිහිනය සැබෑ කරයි..ලංකාවට සතුටුදායක ආරංචියක්..

Dilum Amunugama Sri Lanka Electric Vehicle China China Ship In Sri Lanka
By Aruna Oct 03, 2023 03:45 AM GMT
Report

කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතියේ ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන් සිව් දෙනෙකු ඊයේ (02) රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු තවත් නියෝජිතයන් තුන්දෙනකු පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට මෙම ආයෝජකයන් පැමිණ ඇත්තේ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ඇති කර ගත් එකඟතා සහ ගිවිසුම් ගත වීම් මතයි.

මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඩොලර් මිලියන 50 ක ආයෝජනයක් කර මැණික් කෞතුකාගාරයක්, එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබෙන බව ද පැවසේ.

එමෙන්ම තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් කර විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කරන බව ද වාර්තා වේ.