කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ කොටසක් මෙන්න මේ ප්රදේශයෙන් වැසෙයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..
Colombo
Kandy
Weather
Latest Headlines
By krishani
කොළඹ - නුවර ප්රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්රදේශයෙන් අනිද්දා (28) පැය දෙකක පමණ කාලයක් වසා තැබීමට නියමිතය.
ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
එයට හේතුව අවදානම් සහිත ගල් ඉවත් කිරීම හේතුවෙන් ය.
විශේෂයෙන්ම කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලට නිකුත් කරන නායයෑම් නිවේදන සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයේ අවධානයෙන් පසුවිය යුතු බව එම සංවිධානයේ අධ්යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.
මේ අතර, ඊයේ (25) පස්වරුවේ පන්විල - නෙල්ලිමලේ ප්රදේශය හරහා හමා ගිය තද සුළං තත්වයක් හේතුවෙන් වතු නිවාස කිහිපයකට හානි සිදු විය.
කෙසේ වෙතත්, මේ හේතුව මත පවුල් 38කට අයත් පුද්ගලයින් 128 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණේ ය.