ප්‍රධාන මාර්ගයක බර වාහන ගමනාගමනය අත්හිටුවයි..

Badulla Colombo Climate Change Weather
By Sewvandhi Dec 10, 2023 12:28 PM GMT
Report

ඊයේ දිනයේ හාලිඇළ උඩුවර ප්‍රදේශයේ සිදුවූ නායයෑමත් සමග බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමට පියවර ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් මේජර් සුදර්ශන දෙනිපිටිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(10) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකිය.

හෙට දිනයේ සිට 99 කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය භාවිත කෙරෙන මගී ප්‍රවාහන බස් රථ ද මෙම විකල්ප මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙනු ඇත.