විශ්ව විද්‍යාල නවක වද ගැටළු CID භාරයට.

CID - Sri Lanka Police University of Kelaniya University of Peradeniya
By Wayomi Nov 10, 2022 09:28 AM GMT
Report

පැමිණිලි මින් ඉදිරියට විශ්ව විද්‍යාල නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි CIDය විසින් විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙහිදී පොලිස්පතිවරයා අපරාධපරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ, නවක වදය සම්බන්ධ පැමිණිලි අපරාධ නඩු විදාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව විමර්ශන කටයුතු සිදු කරන ලෙසයි.

ඒ අනුව පසුගියදා කැලණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට ශිෂ්‍ය සංගමයක සිසුන් තිදෙනකු පරහදිම එම විශ්ව විද්‍යාල තවත් සිසුන් හය දෙනකුට නේවාසිකාගාරයේදි පහරදී නවක වදය ලබාදීම සම්බන්ධව CIDය විමර්ශන සිදු කරනවා.

මීට අමතරව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුට සමාජ මාධ්‍ය හරහා අසභ්‍ය දර්ශන යොමුකර නවක වදය ලබාදීම පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW