කාන්තාවන් ලස්සන වෙන මොනාද මේ කොලජන් සප්ලිමන්ට්.. ඔබත් දැනගන්න..

Beauty
By Sithumini Sep 10, 2024 12:02 PM GMT
Report

කාන්තාවන් හැම කෙනෙක්ම වගේ තමන්ගේ සම ගැන තමන්ගේ පෙනුම ගැන බොහොමත්ම උනන්දුයිනේ.

ඉතින් ඒ නිසාම තරුණ පෙනුම රැකගන්න නම් කොලජන් කියන දේ වැදගත් වෙනවා. කොලජන් කියන්නේ ප්‍රෝටීනයක්.

ඕනෑම කානතාවකගේ ශරීරයේ කොලජන් තිබුණත් එය වයස අවුරුදු 23න් පමණ පසුව එය ශරීයයෙන් කෙමෙන් කෙමෙන් අඩුවෙමින් යනවා.

ඒ වගේම අපි භාවිත කරන වැරදි ආහාර රටාවන් නිසාත් කොලජන් කියන දේ අපේ ශරීරයෙන් කෙමෙන් කෙමෙන් අඩු වෙලා යන්න බලපානවා.

මේ තත්වය නිසා ඇතැම් අය ශරීරයට භාහිරෙන් මෙය ලබා ගන්නත් පෙළබෙනවා.

කොලජන් අපේ සමට ලබා දෙන ප්‍රයෝජන මොනවාද?

සමේ තෙතමනය ආරක්ෂා කිරීම

සමේ තරුණ බව රැකදීම

සම නිරෝගි කිරීම

 අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීම

සමෙහි එල්ලා වැටීම දුරු කර සම ශක්තිමත් කිරීම

මේ යනාදි ලෙස කොලජන් කියන දේ අපට අත්‍යවශ්‍ය දෙයක් බවට වයසට යෑමත් එක්ක සිදුවෙනවා.

මේ නිසාම සම නිරෝගී කරගැනීමට නම් කොලජන් භාහිරින් ලබා ගත යුතු වනවා. මේ නිසාම බොහෝ දෙනෙක් පෝෂණ අතිරේක ලෙස කොලජන් ශරීරයට ලබා ගන්නවා.

ස්වාභාවිකවම අපේ සමටකොලජන් ලබා ගන්නේ කෙසේද?

සම සහිත මාලු.

කොලජන් බහුලව අඩංගු ආහාරයක් ලෙස සම සහිත මාලු ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එහි ඔමේගා 3 තිබීමත් වැදගත්.

  පැගිරි සහිත ආහාර

දොඩම් දෙහි ලෙමන් වගේ දේවල් ආහාරයට ගැනීමෙනුත් සමේ කොලජන් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.

බිත්තර

බිත්තර කියන්නෙත් ප්‍රෝටීන් බහුල ආහාරයට ඒ නිසා බිත්තර ආහාරයට එකතු කර ගැනීමෙනුත් සමේ කොලජන් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.

පළා වර්ග

පළා වර්ග කියන්නේ කොහොමත් ශරීරයට ඉතාම ගුණදායක දෙයක්. ඒ නිසාම කොළ වර්ග මුකුණුවැන්න, ගොටුකොළ , කරපිංචා, කන් කුන්, වැනි කොළ වර්ග ආහාරයට එකතු කර ගැනීම මගිනුත් ශරීරයට කොලජන් ලබා ගත හැකි වනවා.

කජු

කජු කියන්නෙත් කොලජන් නිශ්පාදනයට ඉතාමත්ම හොදින් ඉවහල් වෙන ආහාරයක් විදියට හදුන්වන්න පුළුවන්

තක්කාලි

සමේ මෙන්ම අස්ථි ආශ්‍රිත බොහෝ ගැටලු නිශ්පාදනයට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි තක්කාලි කියලා කියන්නේ. ඒ අමුවෙන් තක්කාලි ආහාරයට ගැනීමත් ඉතාම වැදගත් වෙනවා.

එමෙන්ම මේ වන විට පෝෂණ අතිරේක ලෙසද කොලජන් මිලදී ගැනීමට තිබෙනවා.

ඒ අතරින් හොද කොලජන් වර්ගයක් තෝරාගෙන භාවිත කිරීමෙනුත් ඔබගේ ශරීරයේ කොලජන් නිශ්පාදානය වෑඩි කරමින් ඔබේ සම නිරෝගි කරගනිමින් ඔබේ ලස්සන වැඩි කරගන්න ඔබට හැකියාව තිබෙනවා.