පොල්ගෙඩි විස්සක් සොරකම් කළ අයෙකුට අධිකරණයෙන් ලැබුණු දඬුවම..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 26, 2023 02:32 PM GMT
Report

 වත්තකට සොරෙන් ඇතුල්වී පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීමට සහ අයුතු ලෙස වත්තට ඇතුල්වීම යන චෝදනා දෙකට වැරදිකරු වූ අයෙකුට දිවුලපිටිය, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වසරක සිරදඬුවමක් නියමවී තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවම නියම කර තියෙන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන ටී. තේනබදු මහතා වන අතර රුපියල් 1200ක් වටිනාකම ඇති එම පොල් ගෙඩි සොරකමට සහ වත්තට ඇතුල්වීම යන චෝදනා දෙකට දඬුවම් නියමවී ඇත්තේ එක් චෝදනාවකට මාස තුන බැගිනි.

චුදිතට පෙර වැරදි නොමැති බවට ඇඟිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කර තිබෙනවා.

එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් නියම කෙරුණා. දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එක්දරු පියකු ට යි මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණේ.

ඔහු 2021 ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය, කෙහෙල්ඇල්ලේ දී අදාළ සොරකම සිදු කර තිබූ බවට අධිකරණයේ දී සඳහන්ව තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now