පොල් ගාලා, පොල් කිරි දාලා කෑවට පොල් මෙහෙම උයලා කාලා තියෙනවද?

Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 09, 2022 07:55 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔන්න අද මීට කලින් කාලා නැති වෙනස්ම කෑමක් උයන විදිහ කියලා දෙන්නයි හදන්නේ. පොල් ගාලා, නැත්නම් සම්බෝල හදලා, එහෙමත් නැත්නම් පොල් කිරි දාලා පොල් කෑවට පොල් උයලා කාලා නැහැ නේද? එන්න එහෙනම් කලටි පොල් වෑංජනයක රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

🥥 කලටි පොල් ටිකක්

🥥 රම්පේ ,කරපිංචා

🥥 ළූණු

🥥 සුදුළූණු බික් තුන හතරක්, පහක්

🥥 උළුහාල් ටිකක්

🥥 කුරුදු කෑල්ලක්

🥥 අමුමිරිස් හෝ කොච්චි

🥥 බැදපු තුනපහ ටිකක්

🥥 මිරිස් කුඩු ටිකක්

🥥 කහ

🥥 ගම්මිරිස් කුඩු ටිකක්

🥥 අබ ටිකක්

🥥 පදමට ලුණු  


සාදාගන්න ආකාරය

🥥 කලටි පොල් පොඩියට කපා ගන්න.

🥥 තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික කපාගන්න.

🥥 දැන් වලදක් ලිප තබා පොල්තෙල් ටිකක් දමා රත්වනවිට අබ ටික දාන්න.

🥥 ඒවා පුපුරද්දී ළූණු, සුදුළූණු ,රම්පේ, කරපිංචා පහේ ටික රන්වන් පාට වනතෙක් හොඳින් බැදෙන්න හරින්න.

🥥 එයට මිරිස් කුඩු ටිකක් දාලා එයටම කලටි පොල් දාලා කවලවම් කරන්න.

🥥 දැන් වතුර ටිකක් දාලා ලුණු ටිකක් දාලා තැම්බෙන්න තියන්න.

🥥 හිදීගෙන එනකොට ලිපෙන් බාගන්න.