චීස් රෝදවල හොර රහසේ රැගෙන ආ දේ මාට්ටු වෙයි.

United States of America Drugs
By krishani Jul 24, 2023 05:20 PM GMT
Report

එක්සත් ජනපද රේගු නිලධාරීන් විසින්  රෝද හැඩති චීස් තුළ සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 8ක් සොයා ගෙන ඇත.

ඒ ටෙක්සාස් හි ප්‍රෙසිඩියෝ ඇතුල්වීමේ වරායේ දී ය.

එය රැගෙන ආ ලොරි රථය,රියදුරු සහ මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ලොව පුරා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෑම විටම තම වෙළඳ භාණ්ඩ සැඟවීමට විවිධ  නව ක්‍රම අත්හදා බැලීම් සිදු කරනු ලබයි.

ඒ අනුව ඔවුන්ගේ නවතම උපක්‍රමය ලෙස චීස් තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ ය.