ගල් අඟුරු ජාවාරමට වැට බඳී - ජනාධිපති කොමිසම හෙට සිට වැඩ අරඹයි
Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
Lanka Coal Crisis
By R.rishma
මෙරට සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පූර්ණ බලැති ජනාධිපති කොමිසම හෙට (01) සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතව ඇත.
කොමිසම වෙත මේ වන විට පැමිණිලි 28ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීම සඳහා පැමිණිලිකරුවන්ට ලබා දී තිබූ කාලසීමාව අද (30) අවසන් විය.
මෙරට සිදුවූ සියලු ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිසම පත් කර ඇති අතර, අනුර කුමාර දිසානායක එහි පත්කිරීම සිදුකර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.