මාර්ගයකට වුණ හරියක්?. තාවකාලිකව වැසීමට එකවරම තීරණයක්.. - රියදුරන්ට දැනුම්දීමක් මෙන්න..
                                    
                    Weather
                
                                                
                    Highways In Sri Lanka
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවුම තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
ඒ,අධික වර්ෂාවත් සමඟ මතුගම - අලුත්ගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් බව සඳහන් වේ.
මේ අතර, දිස්ත්‍රික්ක හතකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම ඉදිරි පැය විසි හතර දක්වාද දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, අද (01) උදෑසන අටේ සිට හෙට (02) උදෑසන අට දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.