වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සතියක් ප්‍රධාන මාර්ගයක් වසාදමයි..

Police spokesman Sri Lanka Police Sabaragamuwa Province
By Aruna Dec 15, 2023 01:16 AM GMT
Report

උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන අලුත්වැඩියා කිරී⁣ම සඳහා අද සිට (15)සතියක කාලයක් ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව තණමල්විල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු තේමිය බණ්ඩා මහතා සඳහන් කර සිටිනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සතියක් ප්‍රධාන මාර්ගයක් වසාදමයි.. | Closed The Road

ඒ අනුව, උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගය ඔස්සේ මොණරාගල ,කල්මුණේ සිට ඌව හා නැගෙනහිර දක්වා දිවෙන මාර්ගයේ වාහන ධාවන කටයුතු සම්පූරණයෙන්ම නවතා තැබෙන බවයි ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙම ප්‍රධාන මාර්ගය භාවිතා කිරීමට අපේක්ෂිත රථ වාහන රියැදුරන්ට මෙම කාල සීමාව තුළ ඇඹිලිපිටිය නගරය දක්වා ගොස් එතැනින් තණමල්විල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ද හැකියාව පවතී.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සතියක් ප්‍රධාන මාර්ගයක් වසාදමයි.. | Closed The Road

ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, මෙම නඩත්තු කටයුත්ත සඳහා 22 දින දක්වා මාර්ගය වසා තැබීමෙන් අනතුරුව දෙසැ.23සිට 26 දක්වා කාලය තුළ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබෙන අතර ඉන් පසුව 2024 ජන 07 සිට ජන.14 දක්වා යළිත් මෙම මාර්ගය සම්පූරණයෙන්ම වසා තබා අනතුරුව ජන 15සිට පුර්ණ වශයෙන් විවෘත කරන බවයි.

මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්මේතන්තුවෙන් දැනුම්දීමක් කරමින් පවසන්නේ, උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතින බවත් , ජලාශයේ වාන් දොරටු තුනක් 0.3m ප්‍රමාණයකින් විවෘත කිරිමට සිදු වන බවයි.

තවද අනෙක් ගේට්ටු හතර 0.1m ප්‍රමාණයෙන් තිබෙනු බවත් මේ හේතුවෙන් රත්කිඳ- ගිරාදුරුකෝට්ට මාර්ගයේ කෝසුවෙන් ගමන් කිරිමට නොහැකි වන බවත්, මේ හේතුවෙන් වෙනත් අතුරු මාර්ගයන් පරිහරණය කරන ලෙස ජනතාවට මෙයින් දැනුම්  දී තිබෙනවා.