මේ දේ නම් අනිවාර්යයි - සෑම පාසලකම කරන්න මේ දේ ගැන දන්නවා ද?.

A D Susil Premajayantha Sri Lanka Politician Sri Lankan Schools School Incident Latest Headlines
By krishani Dec 20, 2023 06:31 PM GMT
Report

නව පාසල්වාරය ආරම්භ කර පළමු සති දෙක ඇතුළත සෑම පාසලකම පංති කව පැවැත්වීම අනිවාර්ය කර ඇත.

මේ දේ නම් අනිවාර්යයි - සෑම පාසලකම කරන්න මේ දේ ගැන දන්නවා ද?. | Class Circles Are Mandatory In Every School

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ගුරුවරුන් දෙමාපියන් අතර පවතින සබඳතාවය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි.

මේ අතර, උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් කෙරේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් උපදෙස් පරිදි එම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

ජනාධිපති අරමුදලෙන් දරුවන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්වයක් ගැන දැනුම්දීමක් - හැකි ඉක්මනින් මේ දේ කරන්න.. (PHOTO)

ජනාධිපති අරමුදලෙන් දරුවන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්වයක් ගැන දැනුම්දීමක් - හැකි ඉක්මනින් මේ දේ කරන්න.. (PHOTO)