නගරයක් උණුසුම් කළ බස් ගැටුම - බරපතළ තුවාල ලබා පිරිසක් රෝහලේ
බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර ඇති වූ ගැටුමකින් පිරිසක් රෝහල් ගත කර ඇති බව පොලීසිය සදහන් කරනවා. එනම්,කොට්ටාව නගර මධ්‍යයේදී පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරු අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත්ත ව ඇතැයි කොට්ටාව පොලීසිය පවසන්නේ. බරපතළ තුවාල ලද බස්රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
මාර්ග අංක 138 කොට්ටාව පිටකොටුව බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙක් සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් අතින් පයින් හා වීදුරු බෝතල්වලින් මෙලෙස ගුටිබැට හුවමාරු කරගෙන ඇතැයි පොලීසිය පවසයි.
පිටකොටුව සිට කොට්ටාව බලා බස්රථ දෙක ධාවනය වෙමින් තිබියදී කිරුළපන ප්‍රදේශයේ දී එක් බස් රථයක් අනෙක් බස් රථය අසලම නැවතීමත් සමගම බස් නැවතුමේ සිටි මගීන් එයට ගොඩ වී ඇති අතර අනතුරුව අනෙක් බස් රථයේ කොන්දොස්තරවරයා නුගේගොඩ දී මගින් ගොඩ වූ බස් රථයට නැග එහි කොන්දොස්තරවරයා ට පහරදීම මෙම ගැටුමට මූලික හේතු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කොට්ටාව නගරයට පැමිණීමෙන් අනතුරුව කොන්දොස්තරවරුන් දෙදෙනාගේ ගැටුමට රියදුරන් දෙදෙනා ද සම්බන්ධ වී සිව්දෙනාම රණ්ඩු වී තිබේ. කොට්ටාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .ඒ. කේ. ඩි. සුභාෂණ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |