සුපිරි තරු සාදයක ගැටුමකින් සුපිරි තරුවක් රෝහල් ගත කරයි..ජනප‍්‍රිය ටෙලි නාට්‍යකුත් ගෑවෙයි..

Sri Lanka Accident
By Aruna Nov 19, 2022 04:59 AM GMT
Report

ජනප‍්‍රිය ටෙලි නාට්‍යක ප‍්‍රධාන නළුවෙකුගේ සහෝදරයෙක් වන ශානක උදීෂ ඇතුළු රියැලිටි රූපවාහිනී තරු කිහිප දෙනෙකුගේ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවක සංගීත කණ්ඩායමක් ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

දෙපිරිසක් අතර ගැටුම හේතුවෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ශානක උදීෂ ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම ආරවුල ආරම්භ කළ බව කියන ශානක උදීෂට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now